විදෙස් රැකියා සඳහා යන කාන්තාවන්ගෙන් අනිවාර්ය වාර්තාවක්.

Friday, 21 June 2013 - 12:42

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


ලබන ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කාන්තාවක් රැකියාවක් සඳහා විදේශගතවීමේදී, පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ කාර්යාංශය විසින් නිකුත් කරන බවයි. කාන්තාවක් විදේශගත වීමේදී, ඇති වන සමාජීය ගැටලූ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹී තිබෙනවා. මෙහිදී, විදේශ ගතවන කාන්තාව මවක් ද යන්න විශේෂයෙන් සලකා බැලෙන අතර, ඇයගෙන් රැකවරණය ලැබෙන පාර්ශව පිළිබඳව ද සොයා බැලෙන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා තවදුරටත් සඳහන් කළේ.

[MP3]s61439[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories