තේරීම් කාරක සභාවට ආණ්ඩුව නම් දෙයි. - එජාපයෙන් කොන්දේසි.

Friday, 21 June 2013 - 18:36

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92.

ජාතික ගැටළුව විසදීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ව කථානායකවරයා අද (21) නම් කළා. කාරක සභාවේ සභාපතිවරයා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, ඔහු ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයන් ගණන 19ක්. මෙය ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලෙස නම් කර තිබෙනවා.   

 

මහාචාර්ය ජී.එල්. පීරිස්, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්දා, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, රිෂාඞ් බදියුදීන්, චම්පික රණවක, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ද ඇතුළත්.

 

අද (21) පාර්ලිමේන්තුවේ දී කථානායක චමල් රාජපක්ෂ මෙම සාමාජිකයන් නම් කළේ මේ ආකාරයෙන්.

 

[MP3]s61463_1[/MP3]                                                                                  

 

පාර්ලිමේන්තුවේ දී ශෝක යෝජනාවක් විවාද වන අවස්ථාවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (21) පත් කළ තේරීම් කාරක සභාව පිළිබදව ද මෙසේ අදහස් පළ කළා.

 

[MP3]s61463_2[/MP3]                                                                                

 



මීට පෙර ද මෙම කාරක සභාව ස්ථාපිත කිරීමට ආණ්ඩුව උත්සාහ කළත් එය ව්‍යර්ථ වූයේ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සාමාජිකයන් නම් නොකිරීම හේතුවෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් මෙම කාරක සභාවට සාමාජිකයන් නම් කරන්නේ ද යන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගගෙන් අප විමසා සිටියා.

 

[MP3]s61463_3[/MP3]                                              

 

විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත පසුගිය 13 වන දා ලිපියක් යොමු කරමින් උතුරේ ජන්දයට පෙර ඉටු කළ යුතු කරුණු 4ක් පෙන්වා දී තිබුණා. උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පිළිගත හැකි සිවිල් පුද්ගලයෙකු පත් කිරීම සහ ජන්ද නිරීක්ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් ගෙන්වීම ද ඊට ඇතුළත්. 17 වන සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු මෙම යෝජනා පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියත් මෙතෙක් ඊට දිනයක් ලබාදී නැහැ.

 

ජාතික ගැටළුව විසදීමේ තේරීම් කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණ  සහභාගි වන්නේ ද යන්න අප විමසා සිටියේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගෙන්.

 

[MP3]s61463_4[/MP3]                                                                        

 
මෙම තේරීම් කාරක සභාව සක්‍රීය කිරීමට මූලික බාධාවක් බවට පත්ව තිබුණේ දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගි නොවීමට ගෙන තිබූ තීරණයයි. ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් අද (21) පත් කිරීමත් සමග දෙමළ සන්ධානයේ සහභාගීත්වය කෙසේ දැයි අප විමසීමක් කළා. එහි නියෝජිතයෙකු කියා සිටියේ මෙම කාරක සභාවේ බහුතරය ආණ්ඩුවේ වන බැවින් සහභාගි නොවීමට පෙර ගෙන තිබූ තීරණය වෙනස් නොකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories