කැසිනෝ වලට ලයිසන් නැහැ. - ජනපති.

Friday, 21 June 2013 - 18:56

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

පළාත් සභාවල ඉදිරි පැවැත්ම පිළිබද ජනතාව තීරණය කරනු ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අකර්මණ්‍ය ක්‍රමවේදයක් නොවන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ අද (21) පැවැති සාකච්ඡාවකදියි.

 

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. සියලූම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඊට සහභාගි වී වඩාත් නිවැරදි සාකච්ඡාවක් සඳහා දායක විය හැකියි. මෙම සංශෝධන හුදෙක් උතුරු සහ නැගෙනහිර පළාත් සභා සදහා පමණක් නොවේ. ජනතාවගේ ආකල්පය ද එය වන බව ප්‍රකාශ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටක අභ්‍යන්තර දේශපාලනය බාහිර කාරණාවලට වඩා විශේෂයෙන් වැදගත් දෙයක් බව ද අවධාරණය කළා.

 

අලූතින් කිසිඳු කැසිනෝ මධ්‍යස්ථානයක් සඳහා හෝ මත්පැන් අලෙවිසැලක් සඳහා අවසර ලබාදී නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. එසේම ජනමාධ්‍ය සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළින්ම බිහි විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

 

[MP3]s61469_1[/MP3]                                                                           

 

ජනතාවට හානි සිදුවන කිසිඳු ක්‍රියාවලියකට රජය ඉඩ දී නොමැති බවයි සාකච්ඡාවට එක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ.

 

[MP3]s61469_2[/MP3]                                                             

 

මේ අතර, මාතලේ සමූහ මිනීවල පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ සාමාජිකයින් ද ජනාධිපතිවරයා විසින් නම් කර තිබෙනවා. මේ අනුව, එහි සභාපතිවරයා ලෙස , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් පත් කර ඇති අතර, කොමිසන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ධම්මික කිතුලේගොඩ, හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු ජනාධිපතිවරයා විසින් නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

 

පන්නිපිටිය - ඇරැව්වල, සිරි විජයසිරිවර්ධනාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය උත්සවය ද අද (21) පැවැත්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ ආගමික ස්ථාන රැක ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීමට කැප විය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories