කොටි සංවිධානය තහනම් කරන්න. - ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලයි.

Saturday, 22 June 2013 - 12:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මෙරට දී යුධමය වශයෙන් පරාජයක් ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරි වූ කොටස්  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන යාමේ ජාවාරම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. මේ නිසා  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමේ පියවරක් ලෙස කොටි සංවිධානය  ඕස්ට්‍රේලියාව තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන්නැයි ඔහු ඉල්ලීමක් කළා. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ එල්.ටී.ටී.ඊ. ය තහනම් සංවිධානයක් වුවත්   ඕස්ට්‍රේලියාව මෙතෙක් එය ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කොට නැහැ. ලක් රජය සහ එල්.ටී.ටී.ඊ. අතර සන්නද්ධ අරගලය අවසන් වුවත් කොටි සංවිධානයේ ඉතිරි වූ කොටස් දෙමළ ඩයස් පෝරාවෙන් මුදල් එක්රැස් කිරීම අඛණ්ඩව සිදුකරනවා. එහිදී ඔවුන් මිනිස් ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාවල නිරත වන බවයි අමාත්‍ය ජී.එල්. පීරිස් පෙන්වා දෙන්නේ.  ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියේ සිඞ්නි නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍යවරයා එහිදී සදහන් කළේ  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ළඟා වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සැබෑ සරණාගතයන් නොව ආර්ථික ලාබ අපේක්ෂාවෙන් එහි යන සංක්‍රමණිකයින් බවයි. නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම් මැඩලීමට  ඕස්ට්‍රේලියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී ප්‍රතිඥාවක් ද ලබා දුන්නා. අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන් තවත් කරුණක් වූයේ ජගත් සංවිධාන සරණාගත ප්‍රඥප්තියේ කඩතොළු හේතුවෙන් එම ක්‍රියාමාර්ගවලට බාධා සිදුවන බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙලක් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. එමගින් ද නීතිරෝධී සංක්‍රමණික මිනිස් ජාවාරමට පිටිවහලක් ලැබෙන බවත්, අමාත්‍යවරයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories