දයා මාස්ටර් උතුරේ මහ ඇමති ගැන කථා කරයි.

Saturday, 22 June 2013 - 18:59

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

රටේ දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම රජයක යුතුකමක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඒ මහනුවර - කුණ්ඩසාල ප්‍රදේශයේ අද (22) පැවති රැස්වීමක් අමතමින්.

13 වන සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් කථා බහක් සමාජය තුළ ඇති වුණේ උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පැවැත්වෙන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී ද ඒ පිළිබඳව අවධානය යොමුවුණා. එහිදී පළාත් සභා බලාත්මක කෙරුණු 13 වන සංශෝධනය සුදු අලියෙකු නොවේ දැයි මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ බව ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එහිදී කියා සිටියා.

[MP3]s61530_1[/MP3]                      

මෙම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ ද එක්ව සිටි අතර ඔහු පළාත් සභා ක්‍රමය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s61530_2[/MP3]                                   

මේ අතර, උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් පවසනවා. උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ප්‍රධාන අමාත්‍ය ධූර අපේක්ෂකයා ලෙස දයා මාස්ටර් පත් කරන බවට විවිධ පුවත් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට රජයේ පාර්ශවයෙන් මේ පිළිබඳ නිල ආරාධනයක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය ඇතුළත එය ප්‍රකාශයට පත් කරනු ඇති බව ඔහු සඳහන් කළා.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා  ජන්ද විමසීම එකම දිනකදී පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය දැනටමත් යොමුව අවසන්. ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය හිමි වුණා. බොහෝදුරට පළාත් සභා ජන්ද විමසීම සැප්තැම්බර් මස 7 හෝ 21 යන දින දෙකෙන් එකකදී පවත්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාත් සභාව සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු ද අද (22) ආරම්භ කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories