පළාත් ඇමතිවරයෙකුගෙන් ඇමති විමල්ට සහ චම්පිකට අභියෝගයක්.

Sunday, 23 June 2013 - 13:09

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පළාත් සභා ක්‍රමය පිළිබඳව තමන් සමග සංවාදයකට පැමිණෙන්නැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක, විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් වෙත ආරාධනාවක් සිදුකළා. ඇතමුන් පළාත් සභා ක්‍රමය පිළිබඳව වැරදි මත පතුරුවා හරිමින් සිටින බවයි පළාත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් මහනුවර ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූ එකක් බවයි.

[MP3]s61565_1[/MP3]

කෙසේ නමුත් පළාත් සභා ක්‍රමයෙන් රට බෙදීමක් සිදු නොවන බවට නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළා.
 
[MP3]s61565_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories