ඉන්දියාවේ පුහුණුවට ගිය හමුදා නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකාවට.

Sunday, 23 June 2013 - 13:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

තමිල්නාඩුවේ වෙලින්ටන් ආරක්ෂක මාණ්ඩලික පුහුණු විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට  තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ශ්‍රි ලාංකික නිලධාරීන්ට පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් තමිල්නාඩුව තුළ පසුගිය කාලයේ විරෝධතාවයක් පැවති බවයි. එම විරෝධතා හේතුවෙන් මෙම නිලධාරීන් දෙදෙනා වෙනත් ආරක්ෂක විද්‍යාලයකට මාරු කිරීමටයි ඉන්දියානු රජය තීරණය කළේ. එහෙත් මොවුන් හදාරණ විෂයන් එම ආරක්ෂක විද්‍යාලයේ නොමැති වීම හේතුවෙන් මෙලෙස නිලධාරීන් දෙදෙනා ගෙන්වා ගන්නා බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 [MP3]s61566[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories