දික්වැල්ල පොලීසියේ 17 ක් හදිසියේ මාරු කෙරේ.

Sunday, 23 June 2013 - 13:19

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුලූ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මාරුකර යවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ මොවුන් මාතර මූලස්ථාන පොලීසියට මෙලෙස තාවකාලිකව මාරුකර යවා ඇති බවයි.

නිල්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සංවිධාන කර තිබූ පෙරහැරක පුහුණුවීමක් අතරතුර කාවඩි කණ්ඩායමකට ඊයේ (22) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවුණා. මෙම ප්‍රහාරය දික්වැල්ල පොලීසියේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන දික්වැල්ල නගරයේ උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. පැයක පමණ පැවති උද්ඝෝෂණයෙන් පසුව ඊට එක්වූ නිල්වැල්ල ප්‍රදේශවාසීන් දික්වැල්ල ප්‍රාදේශීය සභා භූමියට රැස්වී තිබෙනවා. ඉන් අනතුරුව ෂාප්‍රවෘත්ති අංශයට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිද්ධිය ඇසින් දුටුවන් කිහිපදෙනෙක්.

[MP3]s61568[/MP3]
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සිද්ධියට පොලිසියේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. පෙරහුරුව පැවැත්වෙන අවස්ථාවේදී එම ස්ථානයේ බීමතින් කිහිපදෙනෙකු හැසිරෙන බවට ලැබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බවත්, මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories