හිරු ශ්‍රද්ධාභිවන්දනාවට ජනපතිත් එක්වෙයි.

Sunday, 23 June 2013 - 13:24

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පොසොන් පොහොය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික අනුරාධපුර ථූපාරාම පූජා භූමියේ දී ඊයේ (22) ආරම්භ වූ අතර ඒ සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාවද ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනට එක්වුණා. වැඩසටහන අතරතුර  ථූපාරාම පින් බිමට පැමිණි ජනාධිපතිවරයා ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගත්තා.

ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.  ඊයේ රාත්‍රියේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් පසු අද (23) උදෑසන සීල සමාදාන කටයුතු සිදුවූ අතර අනතුරුව ධර්ම දේශනාවක් සිදුකෙරුණා. පසුව ධර්ම සාකච්ඡාවක්ද හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන යටතේ සංවිධානය කර තිබූ අතර එම අවස්ථාව අතරතුර ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් ථූපාරාම පින් බිමේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද තැන්පත් කෙරුණා. අනතුරුව එම බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා පුෂ්පෝපාහර දක්වනු ලැබුවා.

හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන යටතේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් සසුනට කුල කුමරුන් පූජා කිරීමේ පින්කමක් සංවිධාන කර තිබීම විශේෂත්වයක්. එම කටයුතු අද පෙරවරුවේ සිදුවුණා. ඔවුන්ගේ අධ්‍යාපනය සහ ශාසනික අනාගතය වෙනුවෙන් හිරු ටී වී සහ හිරු එෆ් එම් කැපකරු දායකත්ව ක්‍රමයක්ද හඳුන්වා දෙන අතර එය හිරු ශාසනාවතරණය ලෙස නම් කෙරෙනවා.

සම්බුදු සසුනට තවත් කල්පයක් ආයුෂ පතා සිදුකෙරෙන මහා අධිෂ්ඨාන පූජාව පැවැත්වෙන්නේ අද පස්වරුවේයි. අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සුවිශේෂී පොසොන් වැඩසටහන වන හිරු ශ්‍රද්ධාභිවන්දනා පිළිබදව නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල.
 
[MP3]s61569[/MP3]

හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් වැඩසටහන ඊයේ ථූපාරාම පුණ්‍ය භූමියේ දී සුවහසක්  බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා. අනුරාධපුරය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් අතරින් හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඉතා සුවිශේෂී වූ මුහුණුවරක් ගනු ලැබුවේ ඊට එක්කර තිබූ විවිධ ආගමික වැඩසටහන් හේතුවෙන්. රටට, ජාතියට සෙත් පතා ථූපාරාම පින් බිමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණා. ඊට අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර, සධාතුක කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩම කරනු ලැබුවේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සුරතින්. ඉන් අනතුරුවයි සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ කරනු ලැබුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories