වාස් ගුණවර්ධන සිද්ධියේ ජංගම දුරකථනයක කොටස් කොළඹ කුණු ඇළක.

Sunday, 23 June 2013 - 18:54

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%87%E0%B7%85%E0%B6%9A.

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි සිද්ධියේ ජංගම දුරකථනයක කොටස් අද (23) සොයා ගැනුණා. ඒ, මාළිගාවත්ත - ඛෙත්තාරාම විහාරස්ථානය අසලින් ගලා බසින කුණු ඇළක තිබියදියි. මෙම සොයා ගත් ජංගම දුරකථනයේ කොටස්, ඝාතනය කළ බවට සැක කෙරෙන ව්‍යාපාරික මොහොමඞ් සියාම් නැමැත්තාගේ දුරකථනයේ බවට සැක කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ. ජංගම දුරකථනයේ කොටස් සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහාය ද ලබා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම ජංගම දුරකථනයේ කොටස් සොයා ගත් බවයි. පසුගිය මස 22 වන දා මෙම කෝටිපති ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබූ අතර ඔහුගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ දොම්පේ ප්‍රදේශයේ දමා ගොස් තිබියදියි. 
 
මෙම ව්‍යාපාරිකයා මොහොමඞ් ෆවුස්ඞීන් නැමැති ඔහුගේ මිතුරෙකු සමග නිවසින් පිටත්ව ගොස් තිබූ අතර, නැවත ඔහු නිවසට නොපැමිණි බව ඇගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා. ෆවුස්ඞීන් නැමැති පුද්ගලයා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු රහස් පොලීසිය වෙත පාපොච්චාරණය කර ඇත්තේ මිය ගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය අදාළ කුණු ඇල වෙත විසි කළ බවයි. ඒ අනුව අද (23) සොයා ගත් මෙම ජංගම දුරකථනයේ කොටස් සිද්ධියේ ඉදිරි පරීක්ෂණ සඳහා යොදා ගත හැකි ද යන්න සොයා බලමින් සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අමතරව පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අනිද්දා ඔවුන් යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories