දෙමළ සන්ධානය දකුණු අප්‍රිකාව සමග සාකච්ඡාවක.

Monday, 24 June 2013 - 8:11

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර හමුවක් කොළඹදී අද පැවැත්වීමට නියමිතයි. එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියේ ඊයේ මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඒබ්‍රහම් ඒබ්‍රම් සමග ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පක්ෂ නියෝජිතයින් සාකච්ඡා කිරීමට නියමිත බවයි. මෙම හමුවේදී දකුණු අප්‍රිකාවේ පැවැති වර්ගවාදී අර්බුදය සම්බන්ධයෙන් එරට ගත් ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සදහන් කළා. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු නොකරන බව ද ඔහු කියා සිටියා. ඒ පිළිබදව තවදුරටත් පැහැදිලි කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්.

 
[MP3]s61608[/MP3]
 
දෙමළ ජාතික සන්ධානය පසුගියදා ඉන්දියාවේද සංචාරයක නිරතවුණා. එහිදී 13 වන සංශෝධනය සහ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං සහ එරට රාජතාන්ත්‍රික නියෝජිතයින් රැසක්  සමග සාකච්ඡා පැවැත්වුණු බවයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඉන්දීය මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories