මැන්ඩෙලාට තවදුරටත් අසාධ්‍යයි.

Monday, 24 June 2013 - 14:23

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා මෙන්ම වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතින බව වාර්තා වනවා. ප්‍රිටෝරියා නුවර රෝහලක ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන අතර, මෙවර ඔහු රෝහල් ගත කෙරුණේ පසුගිය දෙසැම්බරයෙන් පසු සිව්වන වතාවටයි. පෙණහලූවල ආසාදනයක් හේතුවෙන් ජුනි 8 වන දා සිට ඔහුට දැඩි සත්කාර ලබාදෙන අතර, සෞඛ්‍ය තත්ත්වයේ වැඩිදියුණුවීමක් වාර්තා වී නැහැ. පසුගිය පැයේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ වත්මන් ජනාධිපති ජේකොබ් සුමා කියා සිටියේ ඔහුට සුවය සැලසීම සඳහා වෛද්‍යවරුන් කළ හැකි සියලූම දෑ ඉටු කරන බවයි. මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද දකුණු අප්‍රිකානු ජනතාව තුළ ද දැන් ඇති වී තිබෙන්නේ දැඩි කුතුහලයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories