ගුරුවරිය දණගැස්වීමේ සිද්ධියේ සාක්ෂි වෙනස් කිරීම උත්සාහයක්.

Monday, 24 June 2013 - 19:11

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියට අදාළ සාක්ෂි වෙනස් කිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් උත්සාහ දරමින් සිටින බවට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය අද (24) චෝදනා කළා. එහි ලේකම් වසන්ත ධර්මසිරි කුරුණෑගල දී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ පසුගිය 17 වන දා අදාළ පාසලට පැමිණි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිද්ධිය ඇසින් දුටු එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් තුන්දෙනෙකුට බලපෑම් එල්ල කර ඇති බවයි.

[MP3]s61652_1[/MP3]                                                                        

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය එල්ල කරන මෙම චෝදනාව පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාරගෙන් විමසීමක් කළා. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ තමන් එදින එම පාසලට ගියේ එහි ඇතිව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බවයි.

[MP3]s61652_2[/MP3]                                                                     

අද (24) පැවැති මාධ්‍ය හමුවේදී සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය වන සුසිලා හේරත් ද අදහස් දක්වා සිටියා. දණ ගැස්වීමේ සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව අධ්‍යාපන බලධාරීන් විසින් ඇයට ආනමඩුව - මහඋස්වැව - රතනපාල විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබුණේ ඇය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. එහෙත් එම පාසලට යන මාර්ගය වැටී ඇත්තේ ඇය දණ ගැස්ස වූ පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයෙන්. තමන් මුහුණ දෙන නව දුෂ්කරතාව පිළිබදව අද (24) පැවැති මාධ්‍ය හමුවේදී සුසිලා හේරත් ගුරුවරිය හෙළිදරව් කළා. මේ නිසා තමන්ට එලෙස අතුරු මාර්ගයක් නොමැති ගල්ගමුව යූ.බී. වන්නිනායක ජාතික පාසලට අදාළ ස්ථාන මාරුව ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා.   

[MP3]s61652_3[/MP3]                                                                               

දණ ගැස්වීමේ සිද්ධියට මුහුණ පෑ එම ගුරුවරියගේ මෙම ඉල්ලීම ද අප පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර වෙත යොමු කළා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙම ඉල්ලීම ඉටු කිරීමට තමන් සූදානම් බවයි.

[MP3]s61652_4[/MP3]                                                                

මේ අතර, ගුරුවරිය දණ ගැස්සවීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (24) නාත්තණ්ඩිය ගුරු - විදුහල්පති එකමුතුව නාත්තණ්ඩිය නගර මධ්‍යයේ දී විරෝධතාවක නිරත වුණා. ඊට එක්වූවන් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා මැතිවරණයේ දී නූගත් මැර දේශපාලනඥයින්ට නාම යෝජනා ලබානොදෙන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories