ශ්‍රී ලංකාව, පාකිස්තානයක් නොවිය යුතුයි. - ඉන්දීය ඇමතිවරයෙක් කියයි.

Monday, 24 June 2013 - 19:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව තවත් පාකිස්තානයක් බවට පත්වීම ඉන්දියාවේ යහපතට හේතු නොවන බව එරට වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශන නාචිඅප්පන් පවසනවා. හින්දු පුවත්පත වෙත ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන  ඕනෑම ක්‍රියාමාර්ගයක දීර්ඝ කාලීන ප්‍රතිවිපාක පිළිබදව ඉන්දියාව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. එවැනි ක්‍රියාමාර්ග තුළින් දෙරට අතර උපක්‍රමීය සහයෝගීතාවට බාධාවක් සිදුනොවිය යුතුයි. මෙරට හමුදා සාමාජිකයන්ට ඉන්දියාවේ දී යුද පුහුණුව ලබාදීමට එරෙහිව තමිල්නාඩුවේ පැන නැගී ඇති විරෝධතා පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා දැක්විය  හැකි වුවත්, ශ්‍රී ලංකාවට ද චීනය කෙරෙහි යොමු වීමේ විකල්පයක් පවතින බව අමතක නොකළ යුතුයි. සමීප අසල්වැසියෙකු එම තත්ත්වයට යොමුවීම ඉන්දියාවට අහිතකර බලපෑම් ඇති කළ හැකි බව නාචිඅප්පන් පෙන්වා දුන්නා.

ඉන්දියාවට පාකිස්තානය සමග දැනටමත් විශාල දේශසීමා ගැටළු පවතිනවා. පෝක් සමුද්‍ර සන්ධිය හරහා එවැනි මතභේදයක් නිර්මාණයවීම හිතකර තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින් ගනු ලබන  ඕනෑම ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහ තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඍජුව බලපානවා. ශ්‍රී ලංකාව සමග ගැටුම්කාරී තත්ත්වයක් ද පසුවීම දකුණු ඉන්දියාවේ කර්මාන්ත සංවර්ධනයට අහිතකර ලෙස බලපාන කරුණක්. ටියුටිකොරීන් හි නව වරායක් ඉදි කර ඇති අතර, ටියුටිකොරීන් සහ මදුරේහි නව ගුවන් තොටුපළ පසුගිය කාලයේ දී ඉදිකෙරුණා. එහෙත් තමිල්නාඩුවට තවමත් ප්‍රමාණවත් ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකි වූයේ නැහැ. මේ නිසා දකුණු ඉන්දියාවේ සංවර්ධනයට ශ්‍රී ලංකාව සමග සුහද සබඳතාවක් පවත්වාගෙන යාම අතිශය වැදගත් බව වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබද ඉන්දීය රාජ්‍ය ඇමති සුදර්ශන නාචිඅප්පන් අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories