ප්‍රධාන පක්ෂ එක්වී දේශපාලන විසඳුමක් දෙන්න. - පැරණි වම.

Monday, 24 June 2013 - 19:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B6%B8.

මෙරට ජාතික ප්‍රශ්නයට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව විසඳුමක් ලබාදිය යුතු බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර පවසනවා. කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික ගැටළුවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ යුතු බවයි.

[MP3]s61656_1[/MP3]                                                              

මෙම මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඞ් කුරේ යන අමාත්‍යවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ ද එක්ව සිටියා. කෙසේ වෙතත්, කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමය අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනා එල්ල කළා. ඒ, පොලිස් හා ඉඩම් බලතල රටට අහිතකර බව ඔප්පු කර පෙන්වන බවට පසුගිය මස 29 වන දින රාජිත අමාත්‍යවරයා කර තිබූ අභියෝගය හෙළ උරුමය භාර ගැනීමත් සමග එය මඟ හැරීමට අමාත්‍යවරයා කටයුතු කරන බව පවසමින්. එහිදී අදහස් පළ කළ ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා දැක්වූ අදහස් අප මෙලෙස සංවාදයට ලක් කළා.

[MP3]s61656_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories