මාතලේ සමූහ මිනී වළේ නඩු විභාගය.

Friday, 28 June 2013 - 18:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA.

මාතලේ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය මාතලේ මහේස්ත්‍රාත්වරයා ලෙස පත්ව ආ නව විනිසුරුවරයා වන සම්පත් ගමගේ හමුවේ අද (28) විභාගයට ගැනුණා. මීට පෙර මෙම නඩුව කැඳවනු ලැබුවේ මාතලේ හිටපු මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හමුවේයී. අද මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව එය ලබන අගෝස්තු මස 19 වැනිදා දක්වා කල් තැබීමටයි මහේස්ත්‍රාත් සම්පත් ගමගේ නියෝග කළේ.

 

හිටපු මහේස්ත්‍රාවරිය මැයි මස 31 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියට නියෝග කළේ මෙම නඩුව මහජන උපයෝගීතා නඩුවක් බැවින් ඊට සහභාගිවීම සඳහා තවත් අගතියට පත් පාර්ශව සිටී නම්, ත්‍රිභාෂාවෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි දැන්වීම් පළ කරන ලෙසයි. එහෙත් එය මේ දක්වා ඉටු වී නොමැති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එහිදී රහස් පොලිසියේ නිලධාරීන් කියා සිටියේ කඩිනමින් අදාළ දැන්වීම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල පළ කිරීමට කටයුතු කරන බවයි. නඩුවට සහභාගිවීම සඳහා 89 - 90 කාලවකවානුවේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද අද (28) අධිකරණ භූමියට පැමිණ සිටියා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

 

[MP3]s61961[/MP3]                                                                     

 

මේ අතර, මෙම නඩුව අද (28) කැඳවු අවස්ථාවේදී මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සහ තවත් සංවිධාන කිහිපයක් සාමකාමී විරෝධතාවයක්ද පවත්වනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories