ජාතික ඩෙංගු මර්දන සතියක් හෙට සිට.

Sunday, 30 June 2013 - 7:23

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

ජාතික ඩෙංගු මර්දන සතිය හෙටින් ආරම්භ වනවා. දිවයිනට ඇද හැලෙන වර්ෂාවත් සමග බොහෝ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ අගයක් ගන්නා අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහායි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. දැනට සිදුකර ඇති ඩෙංගු වැටලීම් සම්බන්ධයෙන් අප සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණගෙන් විමසීමක් කළා.


[MP3]s62034_1[/MP3]

කෙසේ වෙතත් කොළඹ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පළාත් පාලන අමාත්‍යවරයාට චෝදනා එල්ල කළා. ඒ, ඩෙංගු මර්දනය සඳහා ඔහු දායකත්වය ලබා නොදෙන බවට චෝදනා කරමින්.

[MP3]s62034_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories