බීමත්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්.

Sunday, 30 June 2013 - 18:56

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ගලහ පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. බීමත්ව රාජකාරියේ යෙදීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මහජනතාවගෙන් දිගින් දිගටම මොවුන් දෙදෙනාට එරෙහිව පැමිණිලි ලැබීම නිසා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඉන් අනතුරුවයි අද (30) මොවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 30 දෙනෙකු වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ප්‍රමාණවත් පරිදි රාජකාරි සිදුනොකිරීම සහ එකම කොට්ඨාශයේ දීර්ඝ කාලයක් සේවය කිරීම හේතුවෙන් මෙම මාරුකිරීම සිදුකළ බවයි. මාරු කරන ලද පොලිස් නිලධාරීන්  පුත්තලම සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories