තේරීම් කාරක සභාව සිදුරු සහිත පෙනේරයක්.

Monday, 01 July 2013 - 8:39

%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජාතික ගැටළුව විසඳීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඇතැම් දේශපාලන පක්ෂ ඊට සහභාගි නොවීම හේතුවෙන් එහි සංයුතිය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා. හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ මෙම තේරීම් කාරක සභාව 13වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදුසු ස්ථානයක් බවට පත්වන්නේදැයි ගැටළුවක් නිර්මාණය වී ඇති බවයි.

[MP3]s62100_1[/MP3]

කෙසේ වෙතත් ජාතික ගැටළුව විසඳීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රජය විසින් නම් කරනු ලැබුවා. එහෙත් දෙමළ ජාතික සන්ධානය පෙරේදා පැවති සාකච්ඡාවකදී තීරණය කළේ ඊට සහභාගි නොවීමටයි. ජනතා විමුක්ති පෙරමුණද මෙම තේරීම් කාරක සභාවට සහභාගි නොවන බව මීට පෙර ප්‍රකාශ කළා. මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් ඊයේ ප්‍රකාශ කළේ මෙම තේරිම් කාරක සභාව කුණු කූඩයට විසි කළ යුතු බවයි. කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙම තේරීම් කාරක සභාව සඳහා සහභාගිවීමට ආණ්ඩුව වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවන් පසුබිමක මෙම තේරීම් කාරක සභාවේ අනාගතය කෙබදු වේදැයි හිරු ප්‍රවෘත්ති අංශය නීති විශාරදයෙකු වන අධි නීතීඥ ගෝමින් දයාශ්‍රීගෙන් විමසා සිටියා.

[MP3]s62100_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories