සරම්ප එන්නත ජූලි 5 වැනිදා මුළු දිවයිනටම.

Monday, 01 July 2013 - 12:44

%E0%B7%83%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+5+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%B8.

මාස 6 ත් අවුරුද්දත් අතර වයස් කාණ්ඩයේ පසුවන කුඩා දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් වේලක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන පස්වැනිදා දිවයින පුරා පිහිටි සියලූම රජයේ සායනවලදී මෙම එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ස්වසන ආබාධයක් ලෙස සැළකෙන සරම්ප රෝගය වේගයෙන් පැතිර යා හැකි උග්‍ර රෝගී තත්ත්වයක් ලෙසයි සැළකෙන්නේ. පසුගිය මාස 5 ක කාලය තුළ මාස 6 ත් අවුරුද්දත් අතර වයස් කාණ්ඩවල කුඩා දරුවන් අතර සරම්ප රෝගය පැතිර යාමේ ඉහළ යෑමක් දක්නට ලැබුණු අතර එම කාලය තුළ වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 525 ක්. මේ නිසා අමතර සරම්ප එන්නත් වේලක් එම දරුවන්ට ලබාදීමට තීරණය කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ.

[MP3]s62126[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories