ආචාර්ය පී. බී. ජයසුන්දරට අධිකරණයට එන්නැයි නියෝග.

Monday, 01 July 2013 - 12:44

%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%93.+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.


වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරට කොළඹ මහාධිකරණය අද (01) නොතීසි නිකුත් කළා. දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලෙස සැළකෙන රුපියල් කෝටිි 357 වංචාව සම්බන්ධයෙන් නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ හමුවේයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සහකාර ආදායම් බදු කොමසාරිස් ඥාණසිරි ද සොයිසා තවදුරටත් මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ.

 

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි කැඳවන ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුවයි මේ මස 23 වැනිදා විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවා ඇත්තේ. 2002 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 2004 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා දක්වා කාල සීමාව තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බිලියන 3.9 ක වැට් බදු වංචාව සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories