ගුරු - සිසු ඉල්ලීම් අසාධාරණයි. - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.

Tuesday, 02 July 2013 - 7:49

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ විදුහල්පතිවරුන්ට ලබාදෙන නායකත්ව පුහුණුව නතර කරන ලෙස සිදුකරන ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් නොවන බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසනවා. රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු පාසලේ හමුදා පුහුණුව ලබමින් සිටි විදුහල්පතිවරයෙකු පසුගිය දා හදිසියේ මිය ගියා.

මෙම කරුණ පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමු කිහිපයක් ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.  ලංකා ගුරු සේවා සංගමය කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මෙම නායකත්ව පුහුණුව නතර කළ යුතු බවයි.

[MP3]s62165_1[/MP3]                                                        

මේ අතර, විදුහල්පතිවරුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුවට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බව අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ද ඊයේ (01) ප්‍රකාශ කළා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඒ පිළිබද පළ කළේ මෙවන් අදහසක්.  

[MP3]s62165_2[/MP3]

නමුත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ මෙම ඉල්ලීම පිළිගත නොහැකි බවයි.

[MP3]s62165_3[/MP3]                                                       



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories