කොළඹ හතෙන් සූදුපොළක් වටලයි. - 83 ක් පොලිස් දැලේ.

Tuesday, 02 July 2013 - 7:50

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.+-+83+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.


බලපත්‍ර නොමැතිව මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයින් 80 දෙනෙකු සහ එම සූදුපොළ පවත්වාගෙන ගිය සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (01) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ 7, ධර්මපාල මාවත ප්‍රදේශයේ රෙජිනෝ ක්ලබ් සමාජ ශාලාවේ මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවයි. සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් ඇතුළු නිලධාරීන් පිරිසක් මාළිගාකන්ද අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි මෙම ස්ථානය වටලා ඇත්තේ. සැකකරුවන් මරදාන පොලීසියේ රඳවා ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා. එමෙන්ම සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද (02) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories