හොරණ - මොරගහහේන - 127 බස් මාර්ගය අවහිර කරමින් බටුවිට ඇතුළු අවට ගම්මාන කිහිපයක ප්රදේශවාසීන් අද (02) උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ, හොරණ සිට කුළුපන හරහා ගෝනපළ දක්වා මාර්ගයට ලබාදී තිබූ පෞද්ගලික බස් රථයේ තාවකාලික ධාවන බලපත්රය බස්නාහිර මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපතිවරයා දීර්ඝ නොකිරීමට විරෝධය පළ කරමින්. විරෝධතාවය අතරතුර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ ඊට එක්ව සිටි ජනතාවගෙන් කිහිප දෙනෙක්.
[MP3]s62191[/MP3]
ජනතාව එල්ල කරන මෙම චෝදනාව පිළිබද අප බස්නාහිර මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද දිනයේ තමන් මෙම මාර්ගයේ ධාවනය සඳහා එක් කර තිබූ බස් රථයේ තාවකාලික බලපත්රය දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
Follow US
Most Viewed Stories