කරාපිටියේ දැඩි සත්කාර ඒකකය වසා දැමීමේ අවධානමක.

Tuesday, 02 July 2013 - 12:51

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A.

වෛද්‍යවරුන්ගේ හිඟය නිසා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වසා දැමීමේ අවදානමකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි කරාපිටිය රෝහල් ශාඛාවේ සභාපති වෛද්‍ය ප්‍රශාන්ත් කුරේ කියා සිටියේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිටත් සීමා කර ඇති බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයට අමතරව හදිසි අනතුරු සහ පිළිකා වශයෙන් තවත් දැඩි සත්කාර ඒකක දෙකක් ක්‍රියාත්මකයි. මේ සියල්ලෙහි ක්‍රියාකාරීත්වය සඳහා අවම වශයෙන් වෛද්‍යවරුන් 14 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වන විට සිටින්නේ වෛද්‍යවරුන් 9 දෙනෙකු පමණයි. මෙම තත්ත්වය පිළිබදව රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති බව ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ සභාපති වෛද්‍ය ප්‍රශාන්ත් කුරේ කියා සිටියා.

[MP3]s62196_1[/MP3]                                                                        

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s62196_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories