ඩෙංගු සෝදිසිය අතරතුර හිස් කබලක් සහ මිනිස් ඇටසැකිලි.

Tuesday, 02 July 2013 - 18:58

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%A7%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92.

කොහුවල - ශ්‍රී මහා විහාර මාවතේ කාණුවක තිබූ මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් අද (2) පෙරවරුවේ හමුවී තිබෙනවා. ඒ, ඩෙංගු මර්දනය සඳහා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව විසින් අද පිරිසිදු කිරීමේ කටයුතු  සිදුකරන අවස්ථාවකයි. මෙම අස්ථි කොටස් සහ හිස් කබල කවුරුන් විසින් මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි  කොහුවල පොලීසිය සඳහන් කළේ.

ඩෙංගු මර්දන සතියට සමගාමීව කොහුවල  සහ ඒ අවට ප්‍රදේශවල අද විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඊට එක්ව සිටි දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකුටයි මෙම හිස් කබල සහ අස්ථි කොටස් හමුවුණේ. හිස් කබල වෙනම කාණුවේ දමා තිබූ අතර අස්ථි කොටස් බෑගයක් තුළ දමා තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අදාළ කම්කරුවා භාරව කටයුතු කළ එම නගර සභාවේ කම්කරු සුපරීක්ෂක ඒ.කේ. විතානගේ.

[MP3]s62217[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories