ක්‍රිකට් ක්‍රීඩකයාගේ ගුවන් වික්‍රමය ගැන පරීක්ෂණ.

Tuesday, 02 July 2013 - 19:00

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ශ්‍රී ලංකා - ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බීමත්ව ඉහළ අහසේ දී මගී ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට වාර්තාවන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කණ්ඩායමේ කළමනාකරුගේ වාර්තාව පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය සිදුකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සිදුකරන පරීක්ෂණයේදී අදාල ක්‍රීඩකයා වරදකරු බවට තීරණය වුවහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තරගාවලිය නිමා වී ශාන්ත ලූසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ වෙත ගමන් ගත් බ්‍රිටිෂ් එයාර්වේස් බෝයිං 777 ගුවන් යානයක දොර විවෘත කිරීමට ඔහු ප්‍රයත්න දරා ඇත්තේ අඩි 35,000ක් ඉහළ අහසේයි. ඒ වනවිට මෙම ගුවන් යානයේ මගීන් 229 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් මෙම සිද්ධියෙන් දැඩි කලබලයට පත්වූ බවත් වාර්තා වනවා. ගුවන් යානයේ වැසිකිලිය යැයි සිතා තමන් පිටුපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවයි එම ක්‍රීඩකයා පවසා ඇත්තේ.  
 
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආරක්ෂකයන් දැනුවත් කළ ද පොලීසිය කැදවීමක් සිදුනොකළ බවයි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවය ප්‍රකාශ කළේ. මෙය සුළු සිද්ධියක් ලෙස හැදින්වූ ගුවන් සේවයේ ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ ගුවන් යානයේ පිටුපස දොර ඉහළ අහසේ දී එලෙස විවෘත කිරීම අතිශය දුෂ්කර බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories