බාල ගෑස් ශ්‍රී ලංකාවට. එ.ජා.ප. චෝදනාවට සමාගමෙන් පිළිතුරු.

Tuesday, 02 July 2013 - 19:15

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.+++++%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ආණ්ඩුව විසින් බාල ගෑස් ආනයනය කර බෙදා හැර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. කොළඹ අද (2) පැවති මාධ්‍ය හමුවකදි එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ හදිසි ඇනවුමක් ලෙස මෙරටට ආනයනය කර ඇති මෙම ගෑස් තොගය දැනටමත් වෙළඳ පොළට නිකුත් කර ඇති බවයි. එබැවින් පාරිභෝගිකයන් ගෑස් පරිහරණයේදී සැළකිලිමත් විය යුතු බවද මහ ලේකම්වරයා කියා සිටියා.  

[MP3]s62220_1[/MP3]                            

කෙසේ වෙතත් මෙම චෝදනාව පිළිබඳව මෙරට ගෑස් අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙකෙන් එකක් වන ලිට්රෝ ගෑස් සමාගමෙන් අප විමසීමක් කළා. එහි කළමනාකාර අධ්‍යක්‍ෂ පියදාස කුඩාබාලගේ සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන්වා ඇති මෙම ගෑස් තොගය මෙරටදී පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී එක් නිර්ණායකයක දෝෂයක් පැවති බැවින් එම ගෑස් තොගය යළි අදාළ සමාගම වෙත යොමු කළ බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් වෙළඳ පොලේ මේ වනවිට පවතින ගෑස් නියමිත ප්‍රමිතියෙන් පවතින බැවින් පාරිභෝගිකයන් බිය නොවිය යුතු බවයි කළමනාකාර අධ්‍යක්‍ෂ පියදාස කුඩාබාලගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
[MP3]s62220_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories