අන්තරේ කැඳවුම්කරුට නොතීසි.

Tuesday, 02 July 2013 - 19:40

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට මේ මස අටවැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නේ මීට පෙර ලබාදුන් ඇප කොන්දේසි කඩකරමින් සංජීව බණ්ඩාර පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතාවයකට සහභාගි වී ඇති බවයි.

කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයකට සහභාගි වී බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී සංජීව බණ්ඩාර කොළඹ නගර ශාලාවට ආසන්නයේදී අත්අඩංගුවට ගැනුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 19 වැනිදායි. එම වසරේ අගෝස්තු 29 වැනිදා පොලිස් ට්‍රක් රථයකට පහරදී අලාභහානි සිදුකිරීම සහ පොලිස් නිලධාරීන් හතරදෙනකුට පහරදීම මොහුට විරුද්ධව එල්ලවූ චෝදනාවයි. පසුව මොහුට අධිකරණය ඇප ලබාදුන්නා. එහිදී ඇප කොන්දේසියක් වූයේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු නොවිය යුතුයි යන්නයි.

එහෙත් එම කොන්දේසි කඩකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මේ මස 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි සංජීව බණ්ඩාරට අද නොතීසි නිකුත් කෙරුණේ.

මේ අතර අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව හා නිදහස් අධ්‍යාපනය වැනසීමට එරෙහි වෙමු තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙට පා ගමනක් සංවිධානය කර තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැමිණෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි.

කෙසේ වෙතත් කොළඹ අද (1) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර ඇති මෙම පා ගමන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s62226[/MP3]      



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories