ඇමති විමල්ට එරෙහිව කඩුවෙල නගරාධිපති අධිකරණයට.

Wednesday, 03 July 2013 - 18:51

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අධිකරණයට යාමට කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ජී.එච්. බුද්ධදාස සූදානම් වනවා. ඒ, පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කඩුවෙල මහ නගර සභා මැතිවරණයේදී ඡන්ද නීති උල්ලංගණය කළ බවට මානව හිමිකම් කොමිසම කර තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්.

2011 කඩුවෙල මහ නගර සභා ඡන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංගණය කරමින් අමාත්‍ය විමල් වීරවංශ විසින් පෙළපාලියක් සංවිධානය කළ බවට කඩුවෙල පුරපති ජී.එච්. බුද්ධදාස විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එහි සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා ඇතුලූ නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණත් විමල් වීරවංශ අමාත්‍යවරයා එය මගහරිමින් සිටින බවයි නගරාධිපතිවරයා චෝදනා කළේ. මේ නිසා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි ඔහු කියා සිටියේ.

[MP3]s62287[/MP3]

ඔහු මෙම කරුණු අනාවරණය කළේ අද (03) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත පැමිණිල්ලක් භාරදී පිටතට පැමිණීමෙන් පසුවයි. ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කරන මෙම කාලවකවානුවේදී කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වෙත අමාත්‍ය විමල් වීරවංශ ජංගම දුරකතන සහ ගමන් මළු බෙදා හැර ඇති බව නගරාධිපතිවරයා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories