මධ්‍යම පළාත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්.

Thursday, 04 July 2013 - 8:01

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජය ගෙන එනු ලැබූ වෙනස්කම් දෙක මධ්‍යම පළාත් සභාවේ සම්මතවීම බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස එම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ නඩුවක් ගොනු කළා. ඒ, මහනුවර පළාත්බද මහාධිකරණයේයි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් සභාවේ උප සභාපතිවරයා සහ පළාත් සභා ලේකම්වරයා මෙහි වගඋත්තකරුවන් ලෙස ඔවුන් නම් කර තිබෙනවා.

 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු මෙයට අත්සන් කර තිබුණා. නඩුව ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජීව කවිරත්න කියා සිටියේ පළාත් සභා බලතල උල්ලංගණය මෙම යෝජනා සම්මත කරගත් බැවින් නඩු පැවරූ බවයි.

 

[MP3]s62307_1[/MP3]

 

පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතාව වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන සංශෝධන දෙක පසුගිය 28 වැනිදා මධ්‍යම පළාත් සභාවට ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක  ඉදිරිපත් කළා. යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැර අනෙක් සියලූ දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියා. කෙසේ වෙතත් එහිදී මෙය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories