හමුදාව ඊජිප්තුවේ බලය අල්ලයි. ජනපති හමුදා භාරයේ.

Thursday, 04 July 2013 - 8:13

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A.

ඊජිප්තුවේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මෝර්සි ඇතුලූ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු මේ වනවිටත් හමුදා භාරයේ රඳවාගෙන ඇති බව සඳහන්.  එරට හමුදා ප්‍රධානී සහ ආරක්ෂක අමාත්‍ය අබ්දුල් ෆටා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපති මන්දිරය තුළ ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි මේ වනවිට නොමැති බවයි. එමෙන්ම ඊජිප්තුවේ පාලන කටයුතු මෙහෙයවීම තාවකාලිකව සිදුකරනු ලබන්නේ එරට අගවිනිසුරුවරයා විසින් බවද ඔහු සඳහන් කර තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ ඊජිප්තු ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් සහ රජය අතර දරුණු ලෙස ගැටුම් ඇවිලී ගියා. දැඩි නීතිරීති ලිහිල් කර ජනතාවට නිදහස ලබාදෙන ලෙසයි කැරළිකරුවන් ඉල්ලා සිටියේ. මේ අතර ඊජිප්තුවේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කර තිබෙනවා. එහි සිවිල් පාලනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories