STF / ASP ඇතුළු පොලිසියේ 12 ක් රිමාන්ඞ්.

Friday, 05 July 2013 - 7:42

STF+%2F+ASP+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.


 
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් 11 දෙනෙකු සහ තවත් පොලිස් නිලධාරියෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 2006 ජනවාරි මාසයේදී ත්‍රිකුණාමලය ගාන්ධි පිළිරුව අසලදී සරසවි සිසුන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගත් බවයි. ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් එස්.අස්තර් නියෝග කළේ මොවුන් අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ ලබන 18 වන දින තෙක් රදවා තබන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories