උතුරු මැතිවරණය ගැන ජනපති දැනුම් දෙයි.

Friday, 05 July 2013 - 12:51

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබෙනවා.

වයඹ සහ මධ්‍යම පළාත් සභා ද අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගෙන් සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බළල්ලගෙන් විමසීමක් කළා. ඔවුන් කියා සිටියේ පළාත් සභා විසුරුවා හැරීමේ නිල නිවේදනයට තමන් අත්සන් කළ බවයි.

ඒ අනුව, උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම එකම දිනකදී පැවැත්වෙනු ඇති. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මීට පෙර සදහන් කළේ මැතිවරණය සැප්තැම්බර් මස 21 හෝ 28 යන දින දෙකෙන් එකකදී පැවැත්වෙන බවයි.

[MP3]s62402[/MP3]

පළාත් සභා විසුරුවා හැර දින 7 ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාම යෝජනා කැදවන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනවා. බොහෝ විට එම ගැසට් නිවේදනය මේ මස 8 වැනිදායින් එළඹෙන සතියේදී මුද්‍රණය සදහා යවනු ඇති බවයි මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර සති දෙකක් ඇතුළත නාමයෝජනා කැදවිය යුතුයි.

වයඹ සහ මධ්‍යම පළාත් සභාවල නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේදීයි. නියමිත කාලයට පෙර පළාත් සභා විසුරුවා හරින්නේ නම් පළාත් මහඇමතිවරුන් විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒ අනුව පෙරේදා පළාත් මහඇමතිවරුන් පළාත් සභා විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්.

 
උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණ පැවැත්වෙන්නේ 2012 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි. උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව දැනට ඡන්ද නාමලේඛණයේ ලියාපදිංචි වී නොමැති එහෙත් අභ්‍යන්තර අවතැන්වූවන්ට ලියාපදිංචිය සදහා ඉල්ලූම් කිරීමට ලබා දුන් කාලය පසුගිය දෙවැනිදායින් අවසන් වුණා. මේ වනවිට ඒ සදහා අයදුම්පත් 5500 ක් පමණ ලැබීඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේ. මේ සදහා අභියාචනා කිරීමට ලබා දුන් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ මේ මස 9 වැනිදායි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories