ඇමති බැසිල් ඉන්දීය සාකච්ඡා අරඹයි.

Friday, 05 July 2013 - 18:37

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.

ඉන්දියාවට ගොස් සිටින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (05) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මුණ ගැසීමට නියමිත බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. එහිදී 13 වන සංශෝධනය පිළිබදව වැඩි අවධානයක් යොමු වනු ඇතැයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්. ඊයේ (04) දිවයිනෙන් පිටත්ව ගිය අමාත්‍යවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ද නවදිල්ලි නුවරට පැමිණ ඇති අතර, ඔහු මෙරටින් පිටත්වීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හමුවී සාකච්ඡාවක් ද පවත්වා ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය අද (05) වාර්තා කළා. කෙසේ වෙතත්, ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ අරමුණ පැහැදිලි කළේ මෙලෙසින්.

 

[MP3]s62428_1[/MP3]                                                             

 

මේ අතර, අද (05) උදෑසන නවදිල්ලි නුවර දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග මෙරට ධීවර නියෝජිතයින් පිරිසක් සහ තමිල්නාඩු ධීවර නියෝජිතයින් කිහිප දෙනෙකු සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයින් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙසයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී තමිල්නාඩු ධීවර නියෝජිත පිරිසට දැනුම් දී ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයින් හෙට කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරන් ද මුණ ගැසීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග අද (05) පැවැති සාකච්ඡාවට එක්වූ ඉන්දු - ලංකා ධීවර සම්මේලනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක එස්.පී. අන්තෝනි මුත්තු ඒ පිළිබදව නවදිල්ලියේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

[MP3]s62428_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories