බෙන්තොට සභාපතිගෙන් අල්ලස් ගත් වලල්ලාවිට සභාපති අත්අඩංගුවට.

Saturday, 06 July 2013 - 7:39

%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමට තැත් තළ කළුතර - වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ, මීගහතැන්න ප්‍රදේශයේදියි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවන බවයි. පස් ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට ඔහු උත්සාහ කර ඇති බව සඳහන්. අල්ලස් මුදලෙන් කොටසක් මීට පෙර ලබාගෙන ඇති අතර, අනෙක් කොටස ලබාගැනීමට යාමේදීයි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories