කැනඩාවේ තෙල් දුම්රියක් පීලි පැන පුපුරයි. ගොඩනැගිලි රැසක් විනාශයි.

Sunday, 07 July 2013 - 7:52

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92.

කැනඩාවේ - ක්විබෙක් ප්‍රාන්තයේ ලැක් - මෙගැන්ටික් නගරයේදී ඉන්ධන රැගත් දුම්රියක් පීලිපැන පිපිරීමෙන් අසල පිහිටි ගොඩනැගිලි  රැසක් විනාශයට පත්වුණා. දුම්රිය පිපිරී යාමත් සමග දැවැන්ත ගිනි ජාලාවක් සහ කළු දුමාරයක් හටගත් අතර අවට සිටි පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා ඉවත් කරගැනුනා. මොන්ටි‍්‍රයෙල් අගනුවර සිට කිලෝමීටර් 250 ක් පමණ නැගෙනහිරින් මෙම අනතුර සිදුවී ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 120 දෙනෙකු පමණ යොදාගැනීමට සිදුව තිබෙනවා. මාර්ගයේ නතර කර තිබූ දුම්රිය එන්ජිමක ගැටී දුම්රිය පීලි පැනීමට ලක්වූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙහිදී අවම වශයෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර දේශීය ප්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ පුද්ගලයන් 60 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි. කෙසේ නමුත් එය කැනේඩියානු පොලීසිය මෙතෙක් තහවුරු කර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories