ජනතා තීරණයක් නොමැතිව ආපසු හැරෙන්නේ නැහැ. රජය.

Sunday, 07 July 2013 - 8:30

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග පළාත් සභා බලතල සම්බන්ධයෙන් ඇතිව තිබූ සංවාදය තවත් තීවෘ වී තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය පිළිබඳවද සමාජය තුළ මතුවුණේ දැඩි අවධානයක්.

පළාත් සභා ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මතය අනුව තීරණයක් ගන්නා බව ලක් රජය ඉන්දියාවට දැනුම් දුන්නා. ඊට සියලූ පක්ෂවල සහභාගීත්වය අත්‍යාවශ්‍ය බවයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹදී ඊයේ ප්‍රකාශ කළේ.

[MP3]s62512_1[/MP3]

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පසුගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය මෙම විශේෂ කාරක සභාවට සහභාගි නොවන බවයි.  

[MP3]s62512_2[/MP3]

පළාත් සභා බලතල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් හකුලා ගැනීමට මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ආණ්ඩුව තීරණය කර ඇත්දැයි මාධ්‍යවේදීන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඊයේ විමසීමක් කළා. මේ ඊට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයයි.

[MP3]s62512_3[/MP3]

මේ අතර, නුවරඑලිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පළාත් සභා අහෝසි කරන ලෙස ඉල්ලා අමාත්‍ය විමල් වීරවංශ දක්වන විරෝධය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s62512_4[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories