ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට.

Sunday, 07 July 2013 - 12:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමුදුරු ආරක්ෂාව පිළිබඳ ත්‍රෛපාක්ෂික සාකච්ඡා සඳහා ඔහු දිවයිනට පැමිණෙන බවයි නිල වශයෙන් ප්‍රකාශයට පත්වී ඇත්තේ. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකයාගේ ශ්‍රී ලංකා චාරිකාවට පෙර ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරතවුණා. එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සහ ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් මුණ ගැසුණා. උතුරේ මැතිවරණය සහ 13 වන සංශෝධනයේ යෝජිත වෙනස්කම් පිළිබඳවද එහිදි සාකච්ඡා වූ බව සඳහන්.
 
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනයකට අනුවයි. ඔහු මෙරට බලධාරීන් සමග පවත්වන ද්විපාර්ශවික සාකච්ඡාවලදී මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන්ද අදහස් දක්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. 13 වන සංශෝධනය මගින් පළාත්වලට හිමිවන බලතල දියාරු නොකළ යුතු බව ඉන්දියාව මීට පෙර කිහිපවිටක් ප්‍රකාශ කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories