පරීක්ෂණ නිම වන තුරු බුද්ධගයාව වන්දනා කිරීමෙන් වළකින්න.

Sunday, 07 July 2013 - 18:46

%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයේ අද (07) අලූයම සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හේතුවෙන් ඉදිරි සතිය තුළ එහි වන්දනා ගමන්වලින් වැළකී සිටින ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඉල්ලීමක් කරනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මහකොමසාරිස්වරයා සඳහන් කළේ මෙය කිසිසේත්ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව හෝ ස්වාමින් වහන්සේලා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි.

 

[MP3]s62546_1[/MP3]                                   

 

බිහාරයේ බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රය තුළ අද (07) අලූයම බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා. බිහාර් ප්‍රාන්ත පොලීසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බෝම්බ පිපිරීම් 8ක් පමණ සිදුව තිබූ බවයි. මින් බෝම්බ 4ක් මහබෝධි විහාරස්ථානය තුළ සහ තවත් පිපිරීම් 4ක් එය ඉදිරිපිට පිහිටි අඩි 80ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආසන්නයේ සිදුව තිබුණා. මෙම පිපිරීම්වලින් ටිබෙට් සහ මියන්මාර භික්ෂූන් වහන්සේ දෙනමක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට හෝ භික්ෂූන් වහන්සේට මෙම පිපිරීම්වලින් කිසිඳු හානියක් සිදුවී නැහැ.

 

සිද්ධිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්.

 

[MP3]s62546_2[/MP3]           

 



මීට වසරකට පමණ ඉහතදී නවදිල්ලි පොලීසිය විසින් ඉන්දීය බුද්ධි අංශ වාර්තාවක් පදනම් කර ගනිමින් බුද්ධගයාවේ මහබෝධි විහාරස්ථාන පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණා.

 

මේ අතර, ඉන්දියාවේ  බිහාර් ප්‍රාන්තයේ මහා බෝධි විහාර පරිශ්‍රයේ අද සිදුවූ බෝම්බ ප්‍රහාර ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං විසින්ද හෙළා දැක තිබෙනවා. ඔහු කියා සිටියේ මෙවැනි ප්‍රහාරවලට කිසිසේත් සමාවක් දිය නොහැකි බවයි. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඉන්දීය බලධාරීන් තහවුරු කරනවා. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ඇතුලූ විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි.

 

මෙම පිපිරීම්වලින් අනතුරුව ඉන්දීය රජය වෙනුවෙන් ඒ පිළිබදව සොයා බැලීමට බිහාර් මහඇමති තිතිෂ් කුමාර් සහ ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.පී. සිංහා එම ස්ථානයට පැමිණ තිබුණා. එහිදී ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

 

[MP3]s62546_3[/MP3]

ප්‍රහාරය සිදුවූ ස්ථානය නිරීක්ෂණයට පැමිණි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රවි ශංකර් ප්‍රසාද් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ මෙම ස්ථානයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අවධානමක් තිබියදී මෙවැනි සිද්ධියක් සිදුවීම කණගාටුවට කරුණක් බවයි.

 

[MP3]s62546_4[/MP3]

 
කෙසේ වෙතත්, මේ වන විට මහබෝධි විහාරස්ථානය හා ඒ අවට සම්පූර්ණයෙන්ම සාමකාමී වාතාවරණයක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දීය රජයේ පූර්ණ මැදිහත්වීමෙන් මේ පිළිබද පරීක්ෂණ කටයුතු අංශ කිහිපයක් ඔස්සේ මේ වන විට ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories