වර්ජනයෙන් රේල්ලූව ඇණහිටී.

Monday, 08 July 2013 - 8:05

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93.

වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක නිරතවනවා. මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර සියල්ල අඩපන වී ඇති බවයි එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ. තමන් ක්‍රියාත්මක කරන පැය 48 ක සංකේත වර්ජනය සඳහා මේ වනවිට වෘත්තීය සමිති රැසක සහය පළවී ඇති බවයි දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s62562_1[/MP3]

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර සියල්ල අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබෙන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මැදිහත්ව ජනාධිපතිවරයා සමඟ අද සිදුකිරීමට නියමිත සාකච්ඡාවට සිය සංගමය එක්නොවන බවයි.

[MP3]s62562_2[/MP3]                                            

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවට සිය සංගමය සහභාගි වන බවයි.

[MP3]s62562_3[/MP3]                 

මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා සිදුකර ඇති ආරාධනය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව ගැමුණු විජේරත්න කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories