දුම්රිය වෘත්තිය සමිති සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක්.

Monday, 08 July 2013 - 8:32

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වැඩවර්ජනය විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමග මෙම සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත බවයි.

[MP3]s62568[/MP3] 

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි වැඩබලන සාමාන්‍යාධිකාරී නාලක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරු 2.30ට අදාළ වෘත්තීය සමිති සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයන් සංකේත වැඩවර්ජනයක නිරතවනවා. මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර සියල්ල ඇණහිට ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories