බුද්ධගයා මහාබෝධි විහාරස්ථානයේ ඊයේ පුපුරා ගිය බෝම්බ කාල බෝම්බ බවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබෙනවා. ඊයේ අලූයම පිපිරීම් 8ක් සිදුවූ අතර මින් බෝම්බ 4ක් මහබෝධි විහාරස්ථානය තුළ සහ තවත් පිපිරීම් 4ක් එය ඉදිරිපිට පිහිටි අඩි 80ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආසන්නයේ සිදුව තිබුණා. එන්.ඞී.ටී.වී. ප්රවෘත්ති සේවාව අද වාර්තා කළේ පුපුරා ගිය එක් බෝම්බයක පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් අන්තර්ගතවී තිබූ බවයි. එමෙන්ම පිපිරීම් සිදුවීමට පැය 48 කට පෙර සියලූ දත්ත විහාරස්ථානය අවට සවිකර තිබූ සී සී ටී වී කැමරා ඔස්සේ පරීක්ෂා කිරීමටද සැළසුම් කර තිබෙනවා.
බෝම්බ පිපිරීමෙන් පසුව වසා දැමුණු බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය වන්දනාමාන සඳහා මේ දක්වා විවෘත කර නොමැති බව ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා.
බුද්ධගයාවේ මහබෝධි විහාරස්ථානයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු කොල්කටා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. හින්දු පුවත්පත වාර්තා කළේ බටහිර බෙංගාල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඉන්දීය මුජහයිදීන් නැමති එරට තහනම් ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකරන බවයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු සතුව පුපුරණ ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු තිබූ බවද හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.
Follow US
Most Viewed Stories