බුද්ධගයාව බැතිමතුන්ට යළි විවෘතයි.

Monday, 08 July 2013 - 19:02

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ඉන්දියාවේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානයට ඊයේ (07) එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව අද (08) පස්වරු 5ට නැවතත් බැතිමතුන් සඳහා එය විවෘත කරනු ලැබුවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියා.

[MP3]s62610_1[/MP3]                                                                     

කෙසේ වෙතත්, පරීක්ෂණ නිම වන තුරු බුද්ධගයාවේ සංචාරය නොකරන ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් ද කර තිබුණා. එහෙත් බුද්ධගයා මහබෝධි විහාරස්ථානය විවෘත කිරීමත් සමග හිරු ප්‍රවෘත්ති අංශය ඉන්දීයාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බැතිමතුන්ට අවශ්‍ය නම් බුද්ධගයාවේ දැන් සංචාරය කළ හැකි බවයි.

මේ වන විට බුද්ධගයා මහබෝධි විහාරස්ථානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව  පළමුව අත්අඩංගුවට ගැනුණු ඉන්දීය මුජහිදීන් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන අන්වර් හුසේන් මලික් මෙම ප්‍රහාරයේ සැකකරුවෙකු නොවන බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනුණු කාලබෝම්බවල ඇමෝනියම් නයිට්ට්‍රේට් අඩංගු වී තිබූ බව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ මෙම කාලබෝම්බ පසුගිය සමයේ දී ජායිපූර්, පූනේ සහ අහමදාබාද් නගරවල පුපුරා ගිය බෝම්බවලට සමාන බවයි. කෙසේ වෙතත්, ඉන්දීය බුද්ධි අංශ විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් බිහාරයේ අද (08) විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

බුද්ධගයා මහබෝධි විහාරස්ථානය ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ  තවත් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට හෝ භික්ෂූන් වහන්සේලාට අනතුරක් සිදුවූයේ නැහැ.  බිහාරයේ බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රය තුළ ඊයේ (07) අලූයම බෝම්බ පිපිරීම් 8ක් පමණ සිදුව තිබුණා. ඉන් බෝම්බ 4ක් මහබෝධි විහාරස්ථානය තුළ සහ තවත් පිපිරීම් 4ක් එය ඉදිරිපිට පිහිටි අඩි 80ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආසන්නයේ සිදුව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ ඉන්දියාවේ පවතින ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවයි.

[MP3]s62610_2[/MP3]                                            

එමෙන්ම ජාතික සංඝ සම්මේලනය අද (08) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී බුද්ධගයා ප්‍රහාරය උදාහරණයට ගනිමින් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අහිතකර ප්‍රතිඵල පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන්.

[MP3]s62610_3[/MP3]    

                                              
බුද්ධගයා මහබෝධි විහාරස්ථානයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය සහ කතෝලික රාජගුරු මණ්ඩලය නිවේදන නිකුත් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories