බස් කතා තීරණයකින් තොරව අවසන්.

Tuesday, 09 July 2013 - 7:43

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් සංගම් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (08) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිලි කළා.   

[MP3]s62624_1[/MP3]

මෙම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් සහභාගි වී සිටියේ නැහැ. කෙසේ වෙතත්, එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉදිරි දින 4 ඇතුළත සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් ලබා නොදුනහොත් දීප ව්‍යාප්ත වර්ජනයකට යොමු වන බවයි.

[MP3]s62624_2[/MP3]

ඊයේ (08) ජනාධිපතිවරයා සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවේදී බස් හිමියාට සහන රැසක් ලබාදීමට එකඟතාවය පළ වූ අතර, බස් රථවලින් කප්පම් ලබා ගැනීම මසක් තුළ නැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක සදහන් කළේ.

[MP3]s62624_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories