භාරතීය ජනතා පක්ෂ නායකයින් බුද්ධගයා පුද බිමට පැමිණේ.

Tuesday, 09 July 2013 - 8:19

%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A.



භාරතීය ජනතා පක්ෂයේ සභාපති රංජිත් සිං සහ ජ්‍යෙෂ්ඨ නායක අරුන් ජයලිත් අද (09) බුද්ධගයාවේ නිරීක්ෂණ චාරිකාවක නිතරවීමට නියමිතයි. පසුගිය දා බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරයත් සමගම බිහාර් ප්‍රාන්තයේ පාලනය බලය හොඹවන භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වී තිබෙනවා. ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ බිහාර් පරිපාලනයට බුද්ධගයාව ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බවටයි දේශපාලන විරුද්ධවාදීන් ප්‍රකාශ කරන්නේ. මෙම වාතාවරණයත් සමග භාරතීය ජනතා පක්ෂයේ නායකයින් අද (09) බුද්ධගයාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, එළඹෙන ඉන්දීය මහමැතිවරණයේ දී බිහාර් ප්‍රාන්තයේ ජන්ද ප්‍රතිඵලයට බුද්ධගයා ප්‍රහාරය ද තීරණාත්මක එකක් වනු ඇති බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories