බාල සේලයින් ගැන සී.අයි.ඞී. පරීක්ෂණයක්.

Tuesday, 09 July 2013 - 13:00

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%9E%E0%B7%93.+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කුරුණෑගල සහ හෝමාගම රෝහල්වලින් හමුවී ඇති බව කියන බාල ඩෙක්ස්ට්‍රෑන් 40 නැමැති සේලයින් වර්ගය පිළිබදව පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබෙනවා. කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ කියා සිටියේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් හෙළි කිරීමෙන් පසුව අදාළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් බවයි.

[MP3]s62650_1[/MP3]                                                                  

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය කොළඹ දී  ඊයේ (08) මාධ්‍ය හමුවක් කැඳවමින් බාල සේලයින් පිළිබද මුල් වරට අනාවරණයක් කළා. ඔහු කියා සිටියේ ඩෙක්ස්ට්‍රෑන් 40 නැමැති මෙම සේලයින් වර්ගය තුළ සුදු පැහැති අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු බවයි. ඒ පිළිබද රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පැහැදිලි කර ඇති බව ද වෘත්තීය සමිති සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, අද (09) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ කියා සිටියේ මෙම සේලයින් බෙදා දීම සිදුනොකරන ලෙසට රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවයි.

 
[MP3]s62650_2[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories