බුද්ධගයා ප්‍රහාරයට සම්බන්ධ තවත් 6 දෙනෙකු හඳුනා ගැනේ.

Tuesday, 09 July 2013 - 18:20

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

ඉන්දියාවේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් හයදෙනෙකු පිළිබඳ තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, විහාරස්ථානය අවට සවිකර තිබූ සී සී ටී වී කැමරා ආශ්‍රයෙන් ලබාගත් දර්ශන උපයෝගී කරගනිමින්. සැකකරුවන් අතර කාන්තාවක්ද වන බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ. අදාළ සීසීටීවී දර්ශනවල දැක්වෙන පරිදි මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු බුද්ධගයා විහාරස්ථාන භූමියට පොදුවේ භාවිත නොකරන ගේට්ටුවකින් ඇතුලූ වී තිබෙනවා. අනෙක් තුන්දෙනා මෝටර් රථය අසල සෝදිසියෙන් සිටින ආකාරය සිීසීටීවී දර්ශනවල දැක්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එම සීසීටීවී කැමරා යල් පැන ගිය ඒවා බැවින් එම දර්ශන අපැහැදිලි තත්ත්වයේ  පවතින බව සඳහන්. මේ වනවිට සැකකරුවන් 6 දෙනාගෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුනා.
මේ අතර අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දක්වමින් එහි නියෝජ්‍ය ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ප්‍රකාශ කළේ ඉන්දියාවේ බුද්ධගයා පරිපාලන කමිටුවට ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැතිවීම මෙවැනි ගැටළුවලට මූලික හේතුවක් බවයි.


[MP3]s62676[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories