දුම්රිය වර්ජනය අවසන්.

Tuesday, 09 July 2013 - 18:33

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

දුම්රිය සේවකයන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය නිසා දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති මොහොතක පෞද්ගලික බස් රථ හිමියන්ද හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වනවා.

 

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් වුණා. කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමනාගමන කටයුතු අඩාල වූ අතර අද පෙරවරුවේ ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය ගමන්වාර 15ක් පමණයි.

 

දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය වෘත්තීය සමිති අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. අනතුරුව වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති තීරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඔවුන්ගේ ගැටළු විසඳන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසුවයි. ඒ පිලිබඳ අදහස් දක්වන දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු.

 

[MP3]s62679_1[/MP3]   

 

මේ අතර හෙට මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු කියා සිටියේ නියමිත පරිදි ජූලි මස 1 වැනිදා බස් ගාස්තු සංශෝධනය ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 
[MP3]s62679_2[/MP3]       

                           
මෙම වර්ජනයට සහභාගි වන්නේදැයි අප සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත්ගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ හෙට දිනයේ ඒ පිළිබඳව තීරණය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories