පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ.

Wednesday, 10 July 2013 - 7:22

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.

අද (10) මධ්‍යම රාත්‍රිියේ සිට දියත් කිරීමට නියමිත පෞද්ගලික බස් රථ වර්ජනයට සියල්ල සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ නියමිත පරිදි ජූලි මස 1 වැනිදා බස් ගාස්තු සංශෝධනය ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

[MP3]s62696_1[/MP3]                                   

 

මෙම වර්ජනයට සහභාගි වන්නේදැයි අප සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත්ගෙන් විමසූ අතර, අද (10) පස්වරුවට පෙර ඒ පිළිබඳව තීරණය කරන බව ඔහු කියා සිටියා.

 

කෙසේ වෙතත්, දකුණු පළාත් අන්තර් ප්‍රවාහන බස් සංගමයේ සභාපති කේ.එච්. හල්පගේ කියා සිටියේ අද (10) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන බස් වර්ජනයට තම සංගමය එක් නොවන බවයි.

 

[MP3]s62696_2[/MP3]

 
මේ අතර, දුම්රිය ධාවන කටයුතු අද (10) සිට යථා පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ඊයේ (09) සහ පෙරේදා (08) සිදුකළ වර්ජනයත් සමග දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories